ප්‍රමුඛ පුවත 1

මන්ත්‍රී විමල් වීරවංශ රක්ෂිත බන්ධනගාර ගත කෙරේ

(උදයම්,කොළඹ ) – අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා රක්ෂිත බන්ධනගාර ගත කෙරේ.

අද පස්වරුවේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මන්ත්‍රීවරයා මේ මස 24 වනදා දක්වා රක්ෂිත බන්ධනගාර ගත කර  තිබේ.

රජයේ වාහන අවභාවිත කිරීම සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා පිළිබඳව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව අද දහවල් ඔහු අත්අඩංගුවට ගනු ලැබුවා.

විමල් විරවංශ මහතා ඉදිකිරීම් ඉංජිනේරු නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය ධුරයේ කටයුතු කළ සමයේ රජයේ වාහන අවභාවිත කළ බව කියන සිද්ධියකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීමට අද පෙරවරුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණියේය.

Related posts

පොලිස් සැරයන් සනත් ගුණවර්ධන මහතා යළි සේවයට

Mohamed Dilsad

රාජාංගනය ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපතිවරයා අත්අඩංගුවට

Mohamed Dilsad

සෞඛය සේවාවේ 2150 කට පත්වීම් ලිපි ප්‍රදානය කෙරේ.

Mohamed Dilsad

Leave a Comment