ප්‍රමුඛ පුවත 1

හේමසිරි ප්‍රනාන්දු – පූජිත් ජයසුන්දර ඇප ඉල්ලයි

 

(UTV | කොළඹ) – රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා විසින් ඉදිරිපත් කර තිබෙන ඇප අයඳුම්පතක් කරුණු තහවුරු කිරීම සඳහා හෙට (27) දිනයේ දී කැඳවන ලෙසට කොළඹ මහාධිකරණය නියම කළේය.

පාස්කු ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම හේතුවෙන් ඔහුව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබීය.

අදාළ අයඳුම්පත අද (26) කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින දැනට අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් ඇප ඉල්ලා පෙත්සමක් ඉදිරිපත් කර ඇති අතර , එම පෙත්සම හෙට දිනයේදී කරුණු සලකා බැලීම සඳහා කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ කැඳවීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බණ්ඩාරවෙල නගර අලංකාර කරන සිසුන් අගයයි

Mohamed Dilsad

සංවර්ධන ලොතරැයියෙන් ජනාධිපති අරමුදලට කෝටි 200ක්.

Mohamed Dilsad

මුලතිව් ප්‍රදේශයේ පිපිරීමක්

Mohamed Dilsad

Leave a Comment