ප්‍රමුඛ පුවත 1

මුලතිව් ප්‍රදේශයේ පිපිරීමක්

මුලතිව්, මුල්ලිවයික්කාල් ප්‍රදේශයේදී ඊයේ(12) ආර්.පී.ජී උණ්ඩයක් පුපුරා ගොස් ඇති බව පොලීසිය පවසයි.
මුලතිව් පොලීසිය පැවසූවේ මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ කසළ ගොඩකට ගිනි තැබීමේදී අදාළ උණ්ඩය පුපුරා ගොස් ඇති බවයි.
පිපිරීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුවි නොමැත.
නමුත් පිපිරීම සිදුවු ස්ථානය අවට නිවාස කිහිපයකට සුළු හානි සිදුවී ඇති බවද පොලීසිය පැවසීය.
යුද සමයේ පුපුරා නොගිය උණ්ඩයක් පොළොව අභ්‍යන්තරයේ තිබී ගිනි දැමීමත් සමඟ පුපුරා ගොස් ඇති බවට සැක පළ කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සුළු දේශපාලන පක්‍ෂ හදිසියේ රැස්වීමට සුදානම්

Mohamed Dilsad

ඉස්ලාම්බාද් නුවර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය ජනපති අතින් නැවත ප්‍රතිෂ්ඨාපනය කෙරේ.

Mohamed Dilsad

නව නාවික හමුදාපති ජනපති හමුවෙයි.

Mohamed Dilsad

Leave a Comment