ප්‍රමුඛ පුවත 1

සුළු දේශපාලන පක්‍ෂ හදිසියේ රැස්වීමට සුදානම්

(UTV| කොළඹ) – නව අග්‍රාමාත්‍යවරයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දිවුරුම් දීමත් සමඟ ගත යුතු පියවර පිළිබද සාකච්ඡා කිරීම සඳහා සුළු ජාතික දේශපාලන පක්ෂ අද(27) රැස්වීමට නියමිත බව වාර්තා වේ.

ලංකා කම්කරු කොංග්‍රසයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගම් තොණ්ඩමන් ඊයේ දිනයේදී නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වෙත සුබ පැතීම සඳහා ද පැමිණ සිටියේය.

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වත්මන් දේශපාලන වාතාවරණය පිළිබඳව සිය සන්ධානයේ මන්ත්‍රීවරුන් සමඟ අදහස් හුවමාරු කර ගනිමින් සිටින බව වාර්තාවේ.

සිය පක්ෂයේ උත්තරීතර මණ්ඩලය එක්රැස් වී වත්මන් දේශපාලන ප්‍රවනතාවන් පිළිබදව සාකච්ඡා කරන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසයි.

නව අග්‍රාමාත්‍යවරයාගේ පත්වීමත් සමඟ මතු වී තිබෙන දේශපාලන වාතාවරණය පිළිබදව දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ මන්ත්‍රීවරුන් අද දිනයේදී, සාකච්ඡා කරන බව ද අමාත්‍ය මනෝ ගනේෂන් කියයි.

ලංකා කම්කරු කොංග්‍රසය ද ඒ පිළිබදව අද දිනයේදී සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වධක තනතුර සඳහා අයඳුම්පත් 8ක්

Mohamed Dilsad

තිරිඟු පිටි සඳහා රජයෙන් මිල සූත්‍රයක් ?

Mohamed Dilsad

සජිත් ජනපති වූ පසු රාජපක්ෂ කල්ලියට දඩුවම් දෙන හැටි මන්ත්‍රී හේෂා කියයි

Mohamed Dilsad

Leave a Comment