ප්‍රමුඛ පුවත 1

ඉස්ලාම්බාද් නුවර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය ජනපති අතින් නැවත ප්‍රතිෂ්ඨාපනය කෙරේ.

(UTV| පාකිස්ථානය) – පාකිස්ථානයේ, ඉස්ලාම්බාද් නුවර රාජ්‍යතාන්ත්‍රික පරිශ්‍රයේ පිහිටි ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය නැවත ප්‍රතිෂ්ඨාපනය කිරීම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) පස්වරුවේ සිදු විය.

පාකිස්ථාන ජනාධිපති මම්නුන් හුසේන් මැතිතුමාගේ විශේෂ නිල ආරාධනය පරිදි පාකිස්ථානයේ දෙදින නිල සංචාරයක නිරත ජනාධිපතිතුමා එරට පිහිටි එකම කි්‍රයාකාරී බෞද්ධ විහාරස්ථානය වන ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය වෙත අද පස්වරුවේ පැමිණියේය.

පළමුව ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබාගත් ජනාධිපතිතුමා එම විහාර පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාව ද නිරත විය.

ඉන් අනතුරුව මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ සමරු ඵලකය නිරාවරණය කර බෞද්ධ මධ්‍යස්ථානය නැවත ප්‍රතිෂ්ඨාපනය කරනු ලැබීය.

බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක මාලිගාකන්ද විද්‍යෝදය පරිවෙනාධ්‍යක්ෂ ආචාර්ය පූජ්‍ය අකුරටියේ නන්ද ස්වාමින් වහන්සේ, ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ වැඩබලන ලේඛකාධිකාරී ඓතිහාසික සෝමාවති රජමහා විහාරාධිපති පූජ්‍ය පහමුණේ සුමංගල නායක හිමිපාණන් වහන්සේ, පිරිවෙන් අධ්‍යක්ෂ මහාචාර්ය පූජ්‍ය නාබිරිත්තන්කඩවල ඥානරතන නායක ස්වාමින් වහන්සේ ද මෙම අවස්ථාවට වැඩම කර සිටියහ.

මේ අතර නේපාලය, ඉන්දියාව, මියන්මාරය, කොරියාව, තායිලන්තය, ඉන්දුනිසියාව, චීනය සහ මැලේසියාව යන බෞද්ධාගම සහිත රටවල් නියෝජනය කරමින් තානාපතිවරු, මහකොමසාරිස්වරු සහ නියෝජිතයින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සියලු රාජ්‍ය ආයතන හරිත බලශක්තියෙන් පණ ගැන්වීමේ ජාතික වැඩපිළිවෙළ අද

Mohamed Dilsad

එජාප නායකයන් අතර හමුවක්

Mohamed Dilsad

අවුරුද්දෙන් පසු තෙල් මිල වැඩිවෙයිද?

Mohamed Dilsad

Leave a Comment