ප්‍රමුඛ පුවත 1

ඥාණසාර හිමියන්ට අභියාචනාධිකරණයෙන් නොතීසි

(UTV | කොළඹ) – පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට ලබන මස 08 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙසට අභියාචනාධිකරණය අද (21) නොතීසි නිකුත් කළේය.

ඒ, දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රිනී ශාන්තිනි ශ්‍රී ස්කන්ධරාජා ගොනුකළ පෙත්සමකට අදාළවයි.

මුලතිව් – ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ හිටපු විහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය විහාරස්ථාන භූමියේ සිදුනොකරන ලෙස මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය මගින් නියෝගයක් කර තිබියදී එලෙස සිදුකිරීමෙන් අධිකරණයට අපහාසයක් සිදුවී ඇති බව මන්ත්‍රීවරිය සිය පෙත්සමෙන් දක්වා තිබුණි.

ඒ අනුව මුලතිව් කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට සහ මුලතිව් මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට ද ලබන මස 08 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙසට අභියාචනාධිකරණය නියෝග කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මාතලේ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

Mohamed Dilsad

හයිලෙවල් මාර්ගයේ රථ වාහන තදබදයක්

Mohamed Dilsad

පාසල් ක්‍රිකට් සමයේ දී සිසුන්ට විනය කඩනොකරන ලෙස පොලිසියෙන් දැනුම් දීමක්…

Mohamed Dilsad

Leave a Comment