විදෙස්

පිරිමි දරුවන් තිදෙනෙකුගේ මළ සිරුරු හමුවිමත් සමඟ පකිස්තානයේ විරෝධතා [VIDEO]

(UTV| කොළඹ) – පාකිස්ථානයේ කසූර් දිස්ත්‍රික්කයේ පිරිමි දරුවන් තිදෙනෙකුගේ මළ සිරුරු හමුවිමත් සමඟ එම ප්‍රදේශයේ ජනතාව විරෝධතාවක් ආරම්භ කර තිබේ.

ඉන් එක් දරුවෙකු දූෂණයට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

අනෙක් දරුවන් දෙදෙනාගේ මළ සිරුරු පිළිබඳ පශ්චාත් මරණ පරික්ෂණ වාර්තා මෙතෙක් ඉදිරිපත් කර නැති බවයි එරට පොලිසිය පවසයි.

පන්ජාබ් පළාතට අයත් කසූර් දිස්ත්‍රික්කයේ ගත වු වසර කිහිපය තුළ ළමුන් පැහැර ගැනිම්, දුෂණ හා ඝාතන රාශියක් ද වාර්තා විය.

2018 වසරේ හය හැවිරිදි දැරියක් ඝාතනයට ලක්විම සම්බන්ධයෙන් ද ප්‍රදේශයේ විරෝධතා ක්‍රියාත්මක වූ අතර ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ පොලිසියේ නොහැකියාවෙන් දෙදෙනෙකු මියගිය බවටයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

සිරියාවේ රකාහි ප්‍රධාන කඳවුරක් යළි සිරියානු හමුදාව යටතට

Mohamed Dilsad

මරණය සමග සටන් වදින ‘රයන්’ : බේරා ගැනීම අවසන් අදියරට

Mohamed Dilsad

භුමිකම්පනයෙන් විපතට පත්වූ අයව බේරා ගැනීමේ මෙහෙයුම් වලට කාලගුණය හරස් වෙයි

Mohamed Dilsad

Leave a Comment