විදෙස්

ඩයමන් ප්‍රින්සස් නෞකාවේ දෙදෙනෙකු කොරෝනා වැළඳීමෙන් මරුට

(UTV | ජපානය) – ජපානයේ යොකොහාමා වරායේ නැංගුරම් ලා ඇති ඩයමන් ප්‍රින්සස් නෞකාවේ සිටි මගීන් දෙදෙනෙකු කොරෝනා හෙවත් කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමෙන් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

වයස අවුරුදු 80 ඉක්මවූ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇති බව ජපාන සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර තිබේ.

මගීන් 3700 ක පමණ පිරිසක් රැගත් මෙම සුඛෝපභෝගී නෞකාවේ සිටි මගියෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමඟ පසුගිය 04 වනදා සිට එය යොකොහොමා වරායේ නතර කර තැබීමට පියවර ගැණුනි.

දින 14 ක නිරෝධායනය ක්‍රියාවලියෙන් පසුගිය 18 වනදා අවසන් වීමෙන් අනතුරුව වෛරසය ආසාදනය නොවූ බවට තහවුරු වූ මගීන්ට නෞකාවෙන් ඉවත්වීමට ජපාන බලධාරින් ඊයේ අවස්ථාව සලසා දී තිබුණි.

Related posts

අමෙරිකාවේ හිටපු ජනාධිපති ඔබාමාට ඔබාමාට කොවිඩ්

Mohamed Dilsad

ඕස්ට්‍රේලියාවේ ලැව් ගිනි සිඩ්නි නුවරටත් ව්‍යාප්ත වෙයි

Mohamed Dilsad

ට්‍රම්ප්ගේ ට්විටර් ගිණුම ස්ථිරව අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment