ප්‍රමුඛ පුවත 1

කාරක සභාවේ සාමාජිකයන් හෙට ජනපතිගෙන් ප්‍රකාශ ගනී

(UTV | කොළඹ) –  අප්‍රේල් 21 වනදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබදව සොයාබැලීම සදහා පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හෙට (20) දිනයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට නියමිතව තිබේ.

අදාළ ප්‍රකාශයන් සටහන් කරගැනීම සදහා කාරක සභාවේ සාමාජිකයන් ජනාධිපතිතුමාගේ නිල නිවස වෙත යන යන බවටයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් ජනපතිතුමාගෙන් සිදුකරන ප්‍රශ්න කිරීම් ජනමාධ්‍ය වෙත විවෘත නොකිරීමට කාරක සභාව තීරණය කර තිබෙන අතර , අදාළ ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව කාරක සභාවේ අවසන් වාර්තාව ලබන මස මුලදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කෙරෙන ආකාරය සම්බන්ධයෙන් කාරක සභාවේ සාමාජිකයන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ රැස්වී සාකච්ඡා කර තිබෙන බවත් වැඩිදුරටත් වාර්තා වෙයි.

Related posts

ශ්‍රී ලංකා නේපාල ක්‍රිකට් තරඟය වැස්සට හේදෙයි

Editor O

ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරනය ලබාදුන් පළමු තීන්දුව මෙන්න

Mohamed Dilsad

ඇතැම් රටවල උගුලක් බවට ශ්‍රී ලංකාව පත්වෙනවා – දුමින්ද [VIDEO]

Mohamed Dilsad

Leave a Comment