කලා

2020ට තැබූ අමුතු ගිනස් වාර්තාවන්[PHOTOS]

(UTV| කොළඹ)  – 2020 වසර සඳහා වන අරුම පුදුම ගිනස් ලෝක වාර්තා හිමිකරුවන් පිළිබදව පසුගියදා අනාවරණය කෙරුණි.

හූලා හූප් කැරකැවීමේ අසාමාන්‍ය හැකියාවක් දක්වන අමෙරිකාවේ ගෙටී කහායොවා වෙත ගිනස් වාර්තාවක් පිරි නමා තිබේ.

ලොව විශාලතම හුලා හූප් කරකැවීම සඳහා වන කාන්තා ගිනස් වාර්තාව ඇය වෙත පිරිනැමුණි. අඩි 17ක් තරම් විශ්කම්භයකින් යුත් හූලා හූප් වළල්ලක් කරකවා ඇය මෙම වර්තාව පිහිටුවා ඇත.

එක් අතක් පමණක් භාවිත කරමින් මිනිත්තුවකදී පයින් බෝඩ්  500 ක් බිද දමමින් ගිනිස් වාර්තාවක් පිහිටුවා තිබේ.

ඒ විවාහක යුවළක් වූ ලීසා හා ක්‍රිස් පිට්මන් විසින්.

එක්සත් ජනපදයේ වෙසෙන එකම ටයිකොන්ඩෝ මාස්ටර්වරියද ඇය වේ.

ලොව වේගවත්ම ජංගම ගෙවතු නිවෙස සෑදීම වෙනුවෙන් ගිනස් වාර්තාවක් ලබාදීමේ පුවතක්ද මෙහිදී වාර්තා වුණි.

පැයට සැතපුම් 80ක වේගයෙන් යා හැකි එම ජංගම නිවෙස සදහා වන වාර්තාව දිනාගත්තේ එංගලන්තයේ කෙවින් නික්ස්.

ඇමෙරිකාවේ බ්‍රිටනි වෝල්ෂ් වෙත  ගිනස් වාර්තාවක්  හිමිවුණේ පාදය යොදාගෙන ඊතළ විදින ලොව වේගවත්ම ක්‍රීඩිකාව ලෙසයි.

ඇයට සිය ජිම්නාස්ටික් දක්ෂතා දක්වමින් අඩි 40.38ක් තරම් දුරට ඊතළ විදීමේ හැකියාවෙන් යුතු කාන්තාවක්.

Related posts

සල්මාන් සිය රසිකයන්ට දුන් තෑග්ග

Mohamed Dilsad

Dabangg 3 – වැඩ අරඹයි

Mohamed Dilsad

91 වෙනි ඔස්කාර් සම්මාන උළෙලේ අවසන් නිර්දේශ මෙන්න….

Mohamed Dilsad

Leave a Comment