ප්‍රමුඛ පුවත 1

සත්වෝද්‍යාන වෘත්තීය සමිති වැඩ වර්ජනයක

(UTV | කොළඹ) – සත්වෝද්‍යාන වෘත්තීය සමිති කිහිපයක් අද (06) දිනයේ සංකේත වැඩවර්ජනයක් සිදුකිරීමට තීරණය කර ඇති බව එම සමිති ප්‍රකාශ කරයි.

තම සේවකයින්ගේ අතුරු දීමනාව සහ පැමිණිමේ දීමනාව ඉහළ දමන ලෙස වසරකට ආසන්න කාලයක් පටන් ඉල්ලීම් සිදුකරත් ඒවාට මෙතෙක් නිසි විසදුම් ලැබී නොමැති බවත් සත්වෝද්‍යාන වෘත්තිය සමිති අවධාරණය කරයි.

එමෙන්ම , සංකේත වර්ජනය සම්බන්ධයෙන් අවධානය යොමු නොකරන්නේ නම් ඉදිරියේදි අඛණ්ඩ වර්ජනයක නිරත වන බව සත්වෝද්‍යාන වෘත්තීය සමිති එකමුතුව අමාත්‍යාංශ ලේකම්වරයා වෙත දැනුම් දී ඇති බවත් වාර්තා වෙයි.

Related posts

මාස හතරකට පසු කුසුම්දාස මහානාමට පියදාස දිසානායකට ඇප

Mohamed Dilsad

දුම්රිය වැඩවර්ජනයත් සමඟ ලංගමට රුපියල් මිලියන 79 ක අදායමක්

Mohamed Dilsad

රට පුරා පොලිස් ඇඳිරිනීතිය

Mohamed Dilsad

Leave a Comment