ප්‍රමුඛ පුවත 1

ඇල්පිටියේ බස් රථය තුල වෙඩි තැබීමෙන් අයෙක් මරුට

(UTV| මාතර)  – ඇල්පිටියේදී ලංගම බස් රථයක ගමන් කරමින් සිටි පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ.

අද පෙරවරුවේ ඇල්පිටිය – අලුත්ගම මාර්ගයේ අටකොහොට පාලම අසලදී මෙම වෙඩිතැබීම සිදුව ඇත.

අලූත්ගම සිට ඇල්පිටිය දක්වා ධාවනය වූ මෙම බස් රථය එම ස්ථානයේ නතර කළ අවස්ථාවේදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු බසයට නැග අදාළ පුද්ගලයා වෙඩි තබා පළා ගොස් ඇති බව පොලීසිය පවසයි.

මෙහිදී බරපතල තුවාල ලැබූ පුද්ගලයා ඇල්පිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් ඇල්පිටිය පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලංකා ඛනිජතෙල් සේවය අගයමින් සේවකයින්ට ජනපති අතින් රන් තිළිණ

Mohamed Dilsad

බැඳුම්කර වාර්තාව පිළිබඳ ජනපතිගෙන් මාධ්‍ය වෙත විශේෂ ප‍්‍රකාශයක්

Mohamed Dilsad

මාකදුරේ මධුෂ් ඇතුළු පිරිස ඩුබායිහිම සිරකර තැබීම නුවණට හුරුයි – යුද හමුදාපති.

Mohamed Dilsad

Leave a Comment