ප්‍රමුඛ පුවත 1

මාකදුරේ මධුෂ් ඇතුළු පිරිස ඩුබායිහිම සිරකර තැබීම නුවණට හුරුයි – යුද හමුදාපති.

(UTV| කොළඹ) – පසුගියදා ඩුබායිහි පිහිටි සුපිරි හෝටලයකදී පොලිස් භාරයට ගනු ලැබූ ගත් මාකදුරේ මධුෂ් අත්අඩංගුවට ගැනීමට මුල්වූ පොලිස් විශේෂ කාර්ය බළකායට සම්පූර්ණ ගෞරවය අනිවාර්යයෙන්ම හිමිවන අතර ඩුබායි රටේ රඳවාගෙන සිටින මධුෂ් ඇතුළු සැකකරුවන් එම රටේම සිරකර තැබීම නුවණට හුරු බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ඊයේ (10) ප‍්‍රකාශ කළේය.

කාලයක පටන් මෙරට පාතාලයේ කිරුළු පැළදගෙන සිටි මෙම සැකකරුවන් ශ‍්‍රී ලංකාවට ගෙන්වනු ලැබුවහොත් විවිධ උපාය මාර්ග යොදාගෙන හිරෙන් පැන යෑමට පවා ඉඩ තිබෙන බව ද හමුදාපතිවරයා සදහන් කළේය.

පසුගිය කාලය පුරාවටම පාතාල ක්‍රියාකරුවන් හා මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බළකායේ දැඩි උනන්දුව සහ කැපවීම මත බවත්, පාතාලය මැඩලීම සඳහා ජනාධිපතිවරයාගේ මැදිහත්වීම අගය කරන බවත් ඒ මහතා පැවසීය.

පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ලතීෆ් මහතාගේ සේවය දීර්ඝ කිරීම මේ අවස්ථාවේ ඉතා වැදගත් බවත් හමුදාපතිවරයා අවධාරණය කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බුද්ධිමත් ම ළාබාලතමයන්ගේ ලැයිස්තුවේ පළමු තැනට ආ ලංකාවේ නිෂි

Mohamed Dilsad

හිටපු මන්ත්‍රී රාජිතගේ ඇප අයදුම්පත මහේස්ත්‍රාත් අධිකරණයට

Mohamed Dilsad

දුම්රියට දෙදෙනෙක් බිලි

Mohamed Dilsad

Leave a Comment