ක්‍රීඩා

මාලිංග 20යි 20 වැඩිම කඩුලු ලාභියා වෙයිද?

(UTV| කොළඹ) – දකුණු අප්‍රිකානු කණ්ඩායම සමග මාර්තු මාසයේදි පැවැත්වෙන තරග තුනකින් යුත් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේදි ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග කඩුළු 05 ක් දවා ගැනිමට සමත් වුවහොත්, අන්තර්ජාතික විස්සයි – 20 ක්‍රිකට් පිටියේ වැඩිම කඩුලු ලාභියා විමට ඔහුට වරම් හිමීවනු ඇති බව ක්‍රීඩා වාර්තා පවසයි.

ඒ අනුව මාලිංග විස්සයි – 20 ක්‍රිකට් තරග 70 කට ක්‍රීඩා කර කඩුළු 94 ක් ලබා ගනිමීන් කඩුලු ලාභීන්ගේ සටහනේ දෙවන ස්ථානයේ පසුව අතර එහි පළමු ස්ථානයේ සිටින පාකිස්ථාන හිටපු ක්‍රීඩක සහිඩ් අෆ්රීඩි තරග 96 කදී කඩුලු 98 ක් දවාගෙන සිටියි.

එසේම මාලිංග හට තවත් කඩුළු 05 ක් දවාගතහොත් අන්තර්ජාතික විස්සයි – 20 ක්‍රිකට් පිටියේ කඩුලු 100 ක් ලබා ගත් පළමු ක්‍රීඩකයා විමේ වාර්තාවට හිමීකම් කියනු ඇත.

දකුණූ අප්‍රිකාව හා ශ්‍රී ලංකාව අතර විස්සයි – 20 තරගාවලිය මාර්තු මස 19-22-24 යන දිනයන්හි පැවැත්විමට නියමීතය.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2019/02/02-11.jpg”]

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

උමාර් අක්මාල්ගේ අභියාචනය විභාග කිරීමට දින නියම වෙයි

Mohamed Dilsad

ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩයින්ට විශේෂ දීමනාවක්

Mohamed Dilsad

බංග්ලාදේශ පරාජය ගැන සොයාබැලීමට කමිටුවක්

Mohamed Dilsad

Leave a Comment