ක්‍රීඩා

උමාර් අක්මාල්ගේ අභියාචනය විභාග කිරීමට දින නියම වෙයි

(UTV | පාකිස්තානය) – පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩක උමාර් අක්මාල්ට පැනවූ තරඟ තහනමට එරෙහිව ගොනු කළ අභියාචනය ලබන 11 වනදා විභාග කිරීමට තීරණය වී තිබේ.

ඒ, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු හමුවේයි.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ ඒ සඳහා පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයට හා උමාර් අක්මාල්ට නොතීසි නිකුත් කර ඇති බවයි.

පසුගිය වසරේ පාකිස්ථාන සුපර්ලීග් තරගාවලිය ආසන්නයේ ඔට්ටු තබන්නන්ගේ ප්‍රවේශයන් පිළිබඳව කරුණු හෙළිදරව් කිරීමට අපොහොසත්වීම හේතුවෙන් ඔහුට වසර 3 ක ක්‍රිකට් තහනමක් පනවනු ලැබුවේය.

Related posts

කොදෙව් එක්දින කාන්තා ක්‍රිකට් තරඟාවලිය 3-0 ලෙස ශ්‍රී ලංකාව ජයගනී.

Editor O

ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 150 ක ජයග්‍රාහී ඉලක්කයක්

Mohamed Dilsad

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයෙන් මුල්‍යාධාර

Mohamed Dilsad

Leave a Comment