දේශීය

බස්නාහිර පළාතේ විශේෂ වැටලීමෙන් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – මත්ද්‍රව්‍ය අපරාධ වැළැක්වීම සඳහා බස්නාහිර පළාතේ සිදුකෙරෙන විශේෂ වැටලීම යටතේ අද අළුයම 05 න් අවසන් වූ පැය 24 තුළ පුද්ගලයින් 432 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ ස්ථාන 408 කදී කළ වැටලීම්වලදීයි.

මෙම මෙහෙයුමේ දී හෙරොයින් ළග තබා ගෙන සිටි පුද්ගලයින් 140 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර ගංජා ළග තබා ගෙන සිටි සැකකරුවන් 63 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය නිවේදනය කළේ අයිස් මත්ද්‍රව්‍ය ළග තබා ගෙන සිටි පුද්ගලයින් 15 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බවයි.

Related posts

දිස්ත්‍රික්කට අටක නාය යාමේ අවදානමක්

Mohamed Dilsad

බස්නාහිර සිරවී සිටින තවත් පිරිසක් අද ගම්බිම් වෙත

Mohamed Dilsad

හැඳලත් සැක සහිත රෝගීන් සඳහා නිරෝධායන මධ්‍යස්ථානයක්

Mohamed Dilsad

Leave a Comment