ක්‍රීඩා

ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩයින්ට විශේෂ දීමනාවක්

UTV | COLOMBO – ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලුණු ප්‍රවීන ක්‍රීඩකයන් විශේෂ දීමනාවක් ලබාදීමට ක්‍රීීඩා අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ ඔවුන් මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට සිදුකළ මෙහෙවර ඇගයීමක් ලෙස එලෙස බුහුමන් පිදීමට ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා උපදෙස් ලබාදී ඇති බවයි.

ඒ අනුව ටෙස්ට් වරම් ලැබීමට පෙර ශ්‍රී ලංකාව නියෝජනය කළ, දැනට වයස අවුරුදු 65 ඉක්ම වූ මෙරට ජීවත් වන ක්‍රීඩකයන් 12 දෙනෙකුට මසකට රුපියල් 25,000 බැගින් වසරක කාලයක් ලබාදෙන අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් අභිමතය පරිදි එය දිගු කෙරෙනු ඇති.

මීට අමතරව ඔවුන්ට රුපියල් එක්ලක්ෂ 50,000ක රෝහල් ගාස්තු රක්ෂණයක් ද හිමි වනවා.

මෙලෙස තෝරා ගත් ප්‍රවීන ක්‍රීඩකයන් 49 දෙනෙකුට බුහුමන් පිදීමට සැලසුම් කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් වැඩිදුරටත් සඳහන් කළේ.

Related posts

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන මූල්‍ය නිලධාරී අත්අඩංගුවේ

Mohamed Dilsad

විස්සයි විස්ස ක්‍රිකට් කිරුළේ පළමු අවසන් පූර්ව තරඟය අද

Mohamed Dilsad

පළමු එක්දින තරගයෙන් එංගලන්තයට කඩුලු 5 ක ජයක්

Mohamed Dilsad

Leave a Comment