ක්‍රීඩා

විස්සයි විස්ස ක්‍රිකට් කිරුළේ පළමු අවසන් පූර්ව තරඟය අද

(UTV |  අබුඩාබි) – විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය අද (10) ප්‍රබල එංගලන්ත කණ්ඩායම සහ නවසීලන්තය අතර පැවැත්වෙනවා.

අබුඩාබිහි දී පැවැත්වෙන මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතයි.

එංගලන්තය විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක අවසන් පූර්ව වටයට අවතීර්ණ වූ 3 වන අවස්ථාව මෙය වන අතර 2010 වසරේදී ශූරතාව දිනා ගැනීමට ද ඔවුන්ට හැකි වුණා.

එමෙන්ම නවසීලන්ත කණ්ඩායම ද විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියක අවසන් පූර්ව වටයට ප්‍රවේශ වූ තුන් වන අවස්ථාව ද මෙය වනවා.

Related posts

එංගලන්තය පරදා පළමු 20යි 20 තරගයේ ජය කොදෙව්වන්ට

Mohamed Dilsad

දෙවැනි තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

Mohamed Dilsad

මැතිව්ස් බංග්ලාදේශ තරගයෙන් ඉවත් වෙයි

Mohamed Dilsad

Leave a Comment