ප්‍රමුඛ පුවත 1

ලංකා ඛනිජතෙල් සේවය අගයමින් සේවකයින්ට ජනපති අතින් රන් තිළිණ

(UTV| කොළඹ) – ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සහ සිලෝන් පෙට්‍රෝලියම් ස්ටෝරේජ් ටර්මිනල්ස් ලිමිටඩ් හි 25 වසරක ප‍්‍රශංසනීය සේවාවක් සම්පූර්ණ කළ සේවක මහත්ම මහත්මීන්ට රන් තිළිණ පිළිගැන්වීමේ උත්සවය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන්  ඊයේ (23) පස්වරුවේ කොළඹ, බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්විණි.

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සහ සිලෝන් පෙට්‍රෝලියම් ස්ටෝරේජ් ටර්මිනල්ස් ලිමිටඩ් හි 25 වසරක අඛණ්ඩ සේවා කාලයක් සම්පූර්ණ කළ සේවක මහත්ම මහත්මීන්ට රන් තිළිණ ප‍්‍රදානය කිරීම 1987 වසරේ සිට සිදු කරනු ලබන අතර 2018-08-01 දිනට 25 වසරක අඛණ්ඩ සේවා කාලයක් සම්පූර්ණ කළ සේවක මහත්ම මහත්මීන් 73 දෙනෙකු වෙත අද දින රන් තිළිණ ප‍්‍රදානය කරනු ලැබීය.

එය සංකේතවත් කරමින් 10 දෙනෙකු වෙත රන් තිළිණ පිළිගැන්වීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ. ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග, නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ, අමාත්‍යාංශයේ ලේකම් උපාලි මාරසිංහ, ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සහ සිලෝන් පෙට්‍රෝලියම් ස්ටෝරේජ් ටර්මිනල්ස් ලිමිටඩ් හි සභාපති ධම්මික රණතුංග යන මහත්ම මහත්මීන් ඇතු`ථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහි නඩු තීන්දුව දීම මැයි මසට කල් යයි

Mohamed Dilsad

දිනේෂ් ගුණවර්ධන සභා නායකවරයා ලෙස වැඩ අරඹයි

Mohamed Dilsad

අක‍්‍රමිකතා සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ නිලධාරින් පත්වීම් ලබයි

Mohamed Dilsad

Leave a Comment