ප්‍රමුඛ පුවත 1

මාස හතරකට පසු කුසුම්දාස මහානාමට පියදාස දිසානායකට ඇප

(UTV| කොළඹ) – අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් මාස හතරකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී  කුසුම්දාස මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන දෙදෙනා ඇප මත මුදා හැරීමට කොළඹ  ප්‍රධාන මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (25) අද නියම කළේය.

එක් අයකුට රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 20ක් බැගින් වු ශරීර ඇප  තුනක් මත ඔවුන් මුදාහැරීමට මෙසේ නියෝග කර තිබේ.

ලංකා ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් වශයෙන් M.G ෂුගර් ආයතනයට දී ඇති කන්තලේ සීනී සාගමට අයත් යන්ත්‍ර සුත්‍ර පවරා දීම සඳහා අල්ලසක් වශයෙන් රුපියල් මිලියන 540 ක් ඉල්ලා ඉන් රුපියල් මිලියන 20ක් ලබා ගත් බවට මෙම දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

ඇඳිරි නීතිය පිලිබඳ නවතම නිවේදනය [RELEASE]

Mohamed Dilsad

දිවයිනට පැමිණි පාකිස්ථාන ඒකාබද්ධ ආරක්ෂක මාණ්ඩලික කමිටු ප්‍රධානී ජනපති හමුවෙයි

Mohamed Dilsad

චීන ආරක්ෂක අමාත්‍යවරයා දිවයිනට

Mohamed Dilsad

Leave a Comment