ප්‍රමුඛ පුවත 1

අරුවක්කාරු වෙත ගිය කසල රථවලට පහරදීම ගැන සෙවීමට බුද්ධි අංශ යොදවයි

(UTV | කොළඹ) – පසුගිය දිනවල වනාතවිල්ලුව – අරුවක්කාරු කසල අංගනය වෙත කසල රැගෙන යමින් සිටි ලොරි රථවලට පහරදීමේ සිද්ධීන් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා බුද්ධි අංශ නිලධාරීන් යෙදීවීමට කටයුතු කර ඇත.

මෙම පහරදීම් හේතුවෙන් කසල රැගෙන එන රථවලට ආරක්ෂාව ලබාදීම සඳහා යුද හමුදාවේ සහ පොලිසියේ විශේෂ නිලධාරීන් කණ්ඩායමක්ද යොදවා ඇති බවත් පුත්තලම ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු කියා සිටියේය.

මෙම ලොරි රථවලට ප්‍රහාර එල්ල කළ පුද්ගලයින් 05 දෙනෙකු අවස්ථා දෙකකදී අත්අඩංගුවට ගෙන ඇති අතර , ඊයේ දිනයේදී ද පුත්තලම තිල්ලඩිය ප්‍රදේශයේදී ගල් ප්‍රහාරයත් එල්ල වී ඇත.

මෙම පහරදීමෙන් එම ලොරි රථයට අලාභ හානි සිදුවී ඇති අතර ඊට පසුපසින්, ආරක්ෂාව සඳහා ගමන් කළ පොලිස් ජිප් රථයකට ද හානි සිදුව ඇති බව පොලීසිය සඳහන් කරයි.

Related posts

ත්‍රස්තවාදීන් සමග ගණුදෙනුවක් නෑ ඇමති රාජිත කියයි

Mohamed Dilsad

වීදි නාමයන් මුලික භාෂා ත්‍රිත්වයෙන් පමණක් නම් කෙරේ

Mohamed Dilsad

ගාමිණී සෙනරත්ට එරෙහි නඩුව අගෝස්තුවේ සිට විභාගයට

Mohamed Dilsad

Leave a Comment