ප්‍රමුඛ පුවත 1

ඇල්ල රක්ෂිතයට ගිනි තැබුවාදැයි සොයන්න පරීක්ෂණ අරඹයි

(UTV | කොළඹ) –  පසුගියදා ‘‘ඇල්ල රොක්’’ රක්ෂිතයේ පැතිර ගිය ගින්න සම්බන්ධයෙන් විශේෂ පොලිස් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

මිනිස් ක්‍රියාකාරකමක් නිසා මෙම ගින්න පැතිර යන්නට ඇතැයි සැක පළ කරන බව පොලිසිය සදහන් කරයි.

ඒ අනුව, රක්ෂිතයට බලපෑම් සිදුකළ පුද්ගලයන් සොයා මෙම පරීක්ෂණ ක්‍රියාත්මක කරන බව ඇල්ල පොලීසිය පවසයි.

සංචාරක කර්මාන්තයට ද බලපෑම් එල්ල කරමින් දින දෙකක් පුරා පැතිර ගිය ගින්න පාලනය කරන විටත්, අක්කර 20 කට වැඩි ප්‍රමාණයක් විනාශ වී තිබූ බව වාර්තා වෙයි.

Related posts

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ සිදුවීමට අදාළ පළමු වාර්තාව අද භාරදෙයි..

Mohamed Dilsad

එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිලිබඳ විවාදයේ තුන් වන දිනය අදයි.

Mohamed Dilsad

ශානි අබේසේකරගේ විදෙස් ගමන් තහනම් කෙරේ

Mohamed Dilsad

Leave a Comment