ප්‍රමුඛ පුවත 1

ත්‍රස්තවාදීන් සමග ගණුදෙනුවක් නෑ ඇමති රාජිත කියයි

(UTV| කොළඹ) – ත්‍රස්තවාදීන් සමග තමන් කිසිදු ගණුදෙනුවක් සිදු කර නොමැති අතර ත්‍රස්තවාදයට උදවු නොකරන බව, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

කළුතර දිස්ත්‍රික්කයේ බේරුවල ආසනය තුළ සිදු කරන පරීක්ෂණ කටයුතුවලට සෞඛ්‍ය අමාත්‍යවරයා බලපෑම් කරන බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් අදහස් පළ කරමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවැසීය.

මේ පිළිබදව වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසුවේ “මම කිසිදු බලපෑමක් කරලා නැහැ. ලංකාවේ ඕනෑම පොලීසියකින් අහලා බලන්න මම බලපෑම් කරනවා ද කියලා. වරදකරුවන් වෙනුවෙන් මම කථා කරන්නේ නැහැ”.

“එවැනි බලපෑමක් සිදු කර තිබෙනවා නම් මම අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වෙනවා. අලුත්ගම දර්ගා නගරයේ පරීක්ෂණ කටයුතු ආරම්භ කිරීමට උපදෙස් ලබාදුන්නේ මම”. බේරුවල පිහිටි මගේ නිවස අසල නිවසක් කුලියට ගැනීමට පැමිණි පුද්ගලයෙක් පිළිබද සැක සිතීම නිසා

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නාවික හමුදාව විසින් ආපදාවට පත් ඉන්දීය ධීවරයින් සිව් දෙනෙකු බේරා ගැනේ [video]

Mohamed Dilsad

යාපනය විශ්වවිද්‍යාලයේ උප කුලපති ධුරයෙන් ඉවතට.

Mohamed Dilsad

ඌව පළාත් සභාවේ නිල කාලය අදින් අවසන්

Mohamed Dilsad

Leave a Comment