ප්‍රමුඛ පුවත 1

ගාමිණී සෙනරත්ට එරෙහි නඩුව අගෝස්තුවේ සිට විභාගයට

(UTV| කොළඹ) – හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුවේ තීන්දුව අගෝස්තු මස 8 වනදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය නියම කරයි.

සම්පත් අබේකෝන්, සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල  හමුවේ මෙම නඩුව අද (09) කැඳවනු ලැබීය.

මෙම නඩුව අද(09) කැඳවූ අවස්ථාවේදී විත්තිය සහ පැමිණිලි පාර්ශ්වයෙන්  නඩුවට අදාළ ලිඛිත දේශනා භාරදුනී.

ඒවා බාර ගැනීමෙන් පසුව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල දෙපාර්ශවයේ නීතිඥවරුන්ට දන්වා සිටීම වැඩිදුර ලිඛිත දේශන තිබේනම් ඒවා ලබන දොළොස් වන දා ඉදිරිපත් කරන ලෙසයි.

ඉන් අනතුරුව තීන්දුව අගෝස්තු මස 8 වනදා ප්‍රකාශයට පත් කරන බවද ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියම කළේය.

ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට චෝදනා එල්ල වී තිබේ.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කංජිපානි ඉම්රාන් යළි රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

ගෝඨාභයගේ ජයග්‍රහණය රටේ අවශ්‍යතාවයක් [VIDEO]

Mohamed Dilsad

2019 අයවැය විසර්ජන පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

Leave a Comment