ප්‍රමුඛ පුවත 1

පුපුරණ ද්‍රව්‍ය බෙදාහැරීම ගැන ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්

(UTV| කොළඹ) – පුපුරණ ද්‍රව්‍ය නිකුත් කිරීමේ දී සිදුවන අක්‍රමිකතා අවමකර ගනිමින්, විධිමත්අයුරින් පුපුරණ ද්‍රව්‍ය බෙදාහැරීමේ ක්‍රමවේදයක් සැකසීම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20) දහවල් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

අවසර නොලත් ගල් වලවල් සහ මසුන් මැරීම සදහා පුපුරණ ද්‍රව්‍ය භාවිත කිරීම හේතුවෙන් සිදුවන විශාල පරිසර හානිය පිළිබදව ද මෙහිදී අවධානය යොමු වූ අතර එම ඉඩ කඩ අහුරාලමින් පුපුරණ ද්‍රව්‍ය බෙදාහැරීම කළමනාකරණය පිළිබඳව සාකච්ඡා විය.

එමෙන්ම ජාතික ආරක්ෂාව තහවුරුවන අයුරින් පුපුරණ ද්‍රව්‍ය බෙදාහැරීමේ කටයුතු සිදුවියයුතු බවට ද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

පුපුරණ ද්‍රව්‍ය බෙදා හැරීම සඳහා බලපත්‍ර නිකුත් කිරීමට අදාළ සියලූ ආයතන විධිමත් සම්බන්ධිකරණයකින් යුතුව කටයුතු කිරීමේ අවශ්‍යතාවය පෙන්වාදුන් ජනාධිපතිවරයා මෙම නව ක්‍රමවේදය සැකසීම පිළිබඳ එම සියලූ ආයතනවල අදහස් සහ යෝජනා ලබා දෙන ලෙස දැනුම් දුන්නේය.

ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, ආරක්ෂක ලේකම් ශාන්ත කෝට්ටේගොඩ යන මහත්වරුන් සහ අමාත්‍යාංශ ලේකම්වරුන් ද, නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානින් ද පුපුරණ ද්‍රව්‍ය නියෝජ්‍ය පාලක ඇතුළු නිලධාරිහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොළඹ ආරක්‍ෂක සමුළුව හෙටයි(වීඩියෝ)

Mohamed Dilsad

රංජිත් සොයිසාගේ පුරප්පාඩුව ගැසට් මඟින් ප්‍රකාශය කෙරේ

Mohamed Dilsad

අදත් පළාත් කිහිපයකට වැසි, මුහුදත් රළුවේ.

Mohamed Dilsad

Leave a Comment