ප්‍රමුඛ පුවත 1

අදත් පළාත් කිහිපයකට වැසි, මුහුදත් රළුවේ.

(UTV| කොළඹ) – මේ වන විට නිරිත දිග මෝසම් තත්වය දිවයින හරහා ස්ථාපිත වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයින හරහා සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං තත්වයේ වැඩි වීම තවදුරටත් පවතිනු ඇත.

බස්නාහිර,දකුණු,සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

මන්නාරම සහ යාපනය දිස්ත්‍රික්කවල සිහින් වැසි ඇති විය හැක.

ඇතැම් ස්ථානවලට විශේෂයෙන්ම සබරගමුවසහ මධ්‍යම පළාත්වල සහ ගාල්ලසහ මාතර දිස්ත්‍රික්කවල මි.මී.50 වැඩි තරමක තද වැසි ඇති වේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ අංශ ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

මේ අතර දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං තත්වයේ වැඩි වීම තවදුරටත් බලාපොරොත්තුවේ.

පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල තැනින් තැනවැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමන අතරසුළගේ වේගය පැ.කි.මී. 35-45 ක් පමණ වේ.

මන්නාරම සිට පුත්තලම, කොළඹ,ගාල්ල සහ හම්බන්තොට හරහා මඩකළපුව දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගයවිටින් විට පැ.කි.මී. 60-70දක්වා වැඩිවිය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ රළුහෝ ඉතා රළු විය හැක.

මන්නාරම සිටකන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50-60දක්වා වැඩිවිය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ රළු විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව ඉතා තද සුළං (පැ.කි.මී. 70-80 දක්වා) ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැකි බවින් ධීවර සහ නාවුක ප්‍රජාවට මේ පිලිබදව ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙසත් කාලගුණ අංශ ඉල්ලීමක් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අපදා වලින් උතුරේ විපතට පත්වූ පවුල් සංඛ්‍යා18500 ඉක්මවයි

Mohamed Dilsad

ස්විස් තානාපති කාර්යාල නිලධාරිනියගේ විදෙස් ගමන් තහනම යළි දීර්ඝ වෙයි

Mohamed Dilsad

IDH රෝහලෙන් පැනගිය කොරෝනා ආසාදිතයා සොයාගනී

Mohamed Dilsad

Leave a Comment