ප්‍රමුඛ පුවත 1

කොළඹ ආරක්‍ෂක සමුළුව හෙටයි(වීඩියෝ)

(UTV| කොළඹ) – ලොව පුරා වූ ආරක්‍ෂාව සබැඳි පාර්ශවකරුවන්, විද්වතුන් සහ ආරක්‍ෂක විශේෂඥයින් රැසකගේ සහභාගිත්වයෙන් ‘සමකාලීන ආරක්‍ෂක වටපිටාව තුළ විකාසනය වන හමුදාමය විශිෂ්ටත්වය’ යන තේමාව ඔස්සේ මෙවරත් ‘කොළඹ ආරක්‍ෂක සමුළුව – 2019’ හෙට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර තිබේ.

ඒ ජනධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්.

විද්වත් කතිකාවකට මුලපුරමින් දෙදිනක් පුරා පවත්වනු ලබන ‘කොළඹ ආරක්‍ෂක සමුළුව – 2019’ සඳහා විදේශීය විද්වතුන් 13 ක් සහ දේශීය කථිකයින් 12 ක් ඇතුළුව නියෝජිතයින් 800 ක පමණ පිරිසක් සහභාගිවීමට නියමිතය.

මෙම සමුළුවේ දී වත්මන් ආරක්‍ෂක භූමීකාව: ගැටුම් හෝ සහයෝගීතාවය ත්‍රස්තවාදය සමඟ සටන් කිරිම , හමුදා නවීකරණය, වත්මන් ආරක්‍ෂක භූමීකාව තුළ හමුදා සුදානම් කිරිම, යන උප මාතෘකා සාකච්ඡාවට බඳුන් කෙරේ.

සමාරම්භක උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහභාගීවන බවයි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ග‍්‍රාමශක්ති කෘෂි වැඩසටහනට ඝෘජු විදේශ ආයෝජන

Mohamed Dilsad

නුවන් වෙදසිංහ සී.අයි.ඩී.යේ නියෝජ්‍ය පොලිස්පති ධූරයට

Mohamed Dilsad

අයිස් මත්ද්‍රව්‍ය සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment