ප්‍රමුඛ පුවත 1

දුම්රිය ධාවනය අද සිට යළිත් යථා තත්ත්වයට

(UTV| කොළඹ) – ) – ඉල්ලීම් කීපයක් මුල් කොටෙගන පසුගිය 20 වැනිදා මධ්‍යම රාත්‍රියේ දුම්රිය එන්ජින් රියදුරු සංගමය, දුම්රිය නියාමකවරුන්, පාලකවරුන් සහ ස්ථානාධිපතිවරුන් ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් එක්ව සිදුකරනු ලැබූ වැඩ වර්ජනය ඊයේ (22) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කරනු ලැබීය.

අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබියදීත් මුදල් අමාත්‍යාංශය මගින් සිය වැටුප් විෂමතා ගැටළුව විසඳීමට පියවර නොගැනීමට විරෝධය පළ කරමින් දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් මෙම වර්ජනය ආරම්භ කළහ.

මේ හේතුවෙන් ඊයේ (22) සහ පෙරේදා (21) දිනයේ දෛනික දුම්රිය ගමන්වාර බහුතරයක් අවලංගු කිරීමටයි පාලනාධිකාරියට සිදුවිය.

ඒ අනුව ඇණහිට තිබූ දුම්රිය සේවය අද (23) පස්වරුවේ සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්වනු ඇති බව දුම්රිය වෘත්තීය සමිති කියා සිටියි.

මෙලෙස වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කළද, ඉල්ලීම් සඳහා නිශ්චිත පිළිතුරු ලබාදෙනතුරු සෑම බ්‍රහස්පතින්දා දිනකම මධ්‍යම රාත්‍රි 12 සිට පැය 24 වැඩ වර්ජනයක නිරතවීමට දුම්රිය වෘත්තීය සමිති ඊයේ රැස්වී තීරණය කළේය.

Related posts

කුරුදුවත්ත පොලිස් වසමේ මාර්ග කිහිපයක රථ වාහන ගමනාගමනය සීමා කෙරෙයි

Mohamed Dilsad

පූජිතට – හේමසිරිට එරෙහි පෙත්සම් විභාගය අවසන් කෙරේ

Mohamed Dilsad

ශ්‍රීලනිප මහ ලේකම් ධුරයට දයාසිරි පත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment