Trending News

දවුල්දෙණ ඥාණීස්සර හිමිපාණන්ගේ අඳාහන පුජෝත්සවය පුර්ණ රාජ්‍ය ගෞරවය සහිතව ලබන 06දා

(උදයම,කොළඹ) – අපවත්වී වදාළ ශ්‍රී ලංකා අමරපුර නිකායේ මහනායක අග්ගමහා පණ්ඩිත අති පූජ්‍ය දවුල්දෙණ ඥාණීස්සර හිමිපාණන්ගේ අඳාහන පුජෝත්සවය පුර්ණ රාජ්‍ය ගෞරව සහිතව ලබන 06 වනදා නිදහස් චතුරස්‍රයේදී  සිදු කිරීමට නියමිත බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

උන්වහන්සේ අද අලූයම කොළඹ පෞද්ගලික රෝහලකදී  අපවත් වුහ.

අපවත්වන විට උන්වහන්සේ 101 වන වියේ පසුවුහ.

1915 දෙසැම්බර් මස 31 වනදා බදුල්ල ,දවුල්දෙණදී  උපත ලද උන්වහන්සේ 1928 මාර්තු මස 8 වනදා පැවිදි දිවියට පිවිසුනේ පූජ්‍ය දවුල්දෙණ ඥාණීස්සර හිමි නමිනි.

ඇටැම්පිටිය විද්‍යාඥාණ පිරිවෙන, හුණුපිටිය ගංඟාරාම පිරිවෙණ සහ මාළඹේ රාහුල විද්‍යාලයේ ගිහි පැවිදි ශිෂ්‍ය පරපුරට සිප් සතරා හදාරාදුන් උන්වහන්සේ උඩරට අමරපුර සාමාග්‍රී සංඝ සභාවේ කාරක සංඝ සභික ධුරයේ කළක් කටයුතු කළහ.

දෙස් විදෙස් ගිහි පැවිදි පිරිසගේ ගෞරව සම්මානයට පාත්‍ර වෙමින් උන්වහන්සේ 2002 වසරේදි අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක පදවියට පත්වූහ.

Related posts

வங்கிகளில் கணக்குளை வைத்திருப்போருக்கான முக்கிய அறிவித்தல்…

Mohamed Dilsad

Railway Trade Union’s to discuss demands with Ranatunga

Mohamed Dilsad

Gin Ganga’s water level increases

Mohamed Dilsad

Leave a Comment