ප්‍රමුඛ පුවත 1

වීරවංශ මහතාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේපයි,07 වනදා දක්වා යළි රිමාන්ඩ්

(උදයම්,කොළඹ)  – ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ලබන 07 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය අද නියෝග කළේය.මෙහිදී විමල් විරවංශ මහතාගේ ඇප ඉල්ලීමද අධිකරණය අද(03)  ප්‍රතික්ෂේප කළේය.

රජයේ වාහන අව භාවිත කිරීම සම්බන්ධයෙන් වන චෝදනා මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින විමල් වීරවංශ මහතා  ඉදිරිපත් කළ ඇප ඉල්ලීම පිළිබඳ තීන්දුව අද (3) උදෑසන ප්‍රකාශයට පත් කළේය.

විමල් විරවංශ මහතාගේ දියණියගේ රෝගී තත්ත්වය විශේෂ කරුණක් ලෙස සැලකිල්ලට ගෙන ඇප නියම කරන ලෙස ඔහුගේ නීතිඥයින් අධිකරණයෙන් ඉල්ලා තිබුණි.

ඇය රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබන බව පමණක් දක්වා රෝහලේ වෛද්‍යවරයා විසින් වාර්තාවක් ඉදිරිපත් කර ඇති බව විනිසුරුවරිය ප්‍රකාශ කළේය.නමුත් කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය සඳහන් කළේ අදාළ දැරියගේ රෝගී තත්ත්වය හෝ ස්වභාවය පිළිබඳ තමා හමුවට කිසිදු කරුණක් ඉදිරිපත් කර නොමැති බවය.

එමඟින් සුවිශේෂි කරුණු අනාවරණය නොවන බැවින් කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය එම ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කාළාය.

Related posts

කෘෂිකර්ම ඇමති රාජකාරි අරඹයි

Mohamed Dilsad

ජ්‍යෙෂ්ඨත්වය අනුව පාර්ලිමේන්තුවේ ආසන පැනවෙයි

Mohamed Dilsad

එම්.කේ ශිවාජිලිංගම්ට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයෙන් කැඳවීමක් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment