ප්‍රමුඛ පුවත 1

වියළි කාලගුණය හේතුවෙන් පුද්ගලයින් ලක්‍ෂ හයකට වැඩි පිරිසක් පිඩාවට

(UTV| කොළඹ) – දිස්ත්‍රික්ක කිහිපයකට මේ වන විට බලපවතින වැසි රහිත කාලගුණය හේතුවෙන් පුද්ගලයින් ලක්‍ෂ හයකට වැඩි පිරිසක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.

එම ජනතාව සදහා පානීය ජල ගැටලුව විසඳීමට ආපදා කළමණාකරණ අමාත්‍යාංශය විසින් මේ වනවිට කටයුතු කර තිබෙන බව එම මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.

දැනට පවතින වියළි කාළගුණය හේතුවෙන් උතුරු පළාත, නැගෙනහිර පළාත ඇතුළු දිස්ත්‍රික්ක ගණනාවකට මෙම තත්ත්වය බලපවත්වා තිබේ.

වැසි රහිත කාලවලදී කැළෑ ගිනි තැබීමද වැඩි වන බව නිරීක්‍ෂණය වී තිබෙන බැවින් එවැනි අකටයුතුකම්වලින් වළකින ලෙසයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ත්‍රස්ත ප්‍රහාරයන්ට සම්බන්ධ පුද්ගලයන් 139ක් හඳුනාගැනේ.

Mohamed Dilsad

පක්ෂය හැර ගිය මන්ත්‍රීවරු පස් දෙනෙකුට විශේෂ දැනුම් දීමක්

Mohamed Dilsad

ළමා ශ‍්‍රමිකත්වයට එරෙහි ජාත්‍යන්තර දිනය අදයි

Mohamed Dilsad

Leave a Comment