ප්‍රමුඛ පුවත 1

කාත්තාන්කුඩියේ පාසල් හා පෞද්ගලික අධ්‍යාපන ආයතන තාවකාලිකව වසයි

(උදයම්,මඩකලපුව) –  මඩකලපුව කාත්තාන්කුඩි නගර සභාව තුළ ඩෙංගු රෝගය වැඩි වී ඇති නිසා පාසල් හා පෞද්ගලික අධ්‍යාපන ආයතන අද (30) සිට සතියකට වසා තබන ලෙස සෞඛ්‍ය අංශය නියෝග පනවයි.

ඒ අනුව පෙර පාසැල් 40 ක්, ශුද්ධ වූ කුරානය පිළිබඳ ඉගැන්වෙන දහම් පාසල් 35 ක් හා පෞද්ගලික අධ්‍යාපන ආයතන15 ක් අද (30) සිට ලබන අඟහරුවාදා (4) දක්වා වසා දමා ඇත.

කාත්තාන්කුඩියේ දින 02 දෙක තුලදී ඩෙංගු රෝගීන් 190 දෙනෙකු හඳුනාගෙන තිබේ.ඉන් ළමුන් 6 දෙනෙකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව වාර්තාවේ.

Related posts

තිස්ස අත්තනායක මහතාට විදෙස් ගතවීමට අවසර

Mohamed Dilsad

විදුලිය සඳහාත් මිල සූත්‍රයක්‌

Mohamed Dilsad

චීනයෙන් ලාංකික සිසුන් පැමිණීම ආරම්භ වේ

Mohamed Dilsad

Leave a Comment