ප්‍රමුඛ පුවත 1

අනුර සේනානායක යළි රක්ෂිත බන්ධනාගාරයට

(උදයම්,කොළඹ) –  වසීම් තජුඩීන් ඝාතන සිද්ධියට අදාළව හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක අප්‍රේල් 04 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ.

අද(30) නඩුව කැඳවු අවස්ථාවේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා මෙම නියෝග නිකුත් කර තිබේ.

මෙහිදී අනුර සේනානායක මහතාගේ නීතීඥ ඩේල් ගුණරත්න කියා සිටියේ රහස් පොලිසිය මේ සම්බන්ධයෙන් උදාසීනව පරීක්ෂණ කටයුතු සිදුකරන බවය.

මේ හේතුවෙන් සේනානායක මහතාට වසරකට ආසන්න කාලයක් බන්ධනාගාර ගත වී සිටීමට සිදුව ඇතැයි ඔහු පෙන්වාදුන්නේය.

ඔහු පැවසුවේ රිමාන්ඩ් භාරයේ තැබීමේ අරමුණින් ම පරීක්ෂණ ප්‍රමාද කරන බවය.

මෙහිදී ඊට පිළිතුරු දෙමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා කියා සිටියේ සැකකරු ඇතුළු පිරිස මේ නඩුවේ සාක්ෂි අවුරුදු ගණනක් වළලා තැබීමට කටයුතු කළ නිසා හා ඉහළ මට්ටමේ අයට චෝදනා එල්ල වී ඇති නිසා ක්‍රමානුකුලව පරීක්ෂණ කළ යුතු බවය.

Related posts

ආරක්‍ෂක අංශයේ ඉහළ නිලධාරියෙකු අත්අඩංගුවට ගැනීමේ සූදානම ගැන රජයෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

පොලිස් විශේෂ කාර්ය බලකායේ අණ දෙන නිලධාරියාට ලැබුණු අලුත්ම ගෞරව සහතිකය

Mohamed Dilsad

ජනාධිපති කාර්යාල ප්‍රධානියා සහ දැව සංස්ථා සභාපති රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment