ප්‍රමුඛ පුවත 1

ඇමති සාගල ජාතික ආරක්ෂාව සහ සයිබර් ආරක්ෂාව පිළිබඳ ලන්ඩන් නුවර වැඩමුළුවට සහභාගීවෙයි

(උදයම්,කොළඹ) – ඇමති සාගල ජාත්‍යන්තර පාර්ලිමේන්තු සංගමයේ ජාතික ආරක්ෂාව සහ සයිබර් ආරක්ෂාව පිළිබද වැඩමුළු කිහිපයකට සහභාගී වෙයි.

ජාතික ආරක්ෂාව සහ සයිබර් ආරක්ෂාව පිළිබද දිනය නිමිත්තෙන් එංගලන්තයේ ලන්ඩන් නුවර පැවැත්වෙන ජාත්‍යන්තර පාර්ලිමේන්තු සමුළුවේ වැඩමුළු කිහිපයකට අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී, නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා මේ දිනවල සහභාගිවී සිටි.

මෙම වැඩමුළු තුලින් ජාතික ආරක්ෂාව පිළිබදව මෙන්ම අන්තරජාල ආරක්ෂාව පිළිබදවද අවදානය යොමුකරනු ලබයි. පසුගිය 27 වැනිදා ඇරඹි මෙම වැඩමුළු පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමය විසින් සංවිධානය කරනු ලබන අතර මීට පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතාද එක්ව සිටියේය.

Related posts

නිදැල්ලේ යන ගවයින් අල්ලා ගාල් කිරීමට රජය සුදානම්

Mohamed Dilsad

INNOVATE SRI LANKA 2019 ප්‍රදර්ශනය ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

Mohamed Dilsad

මෙරට සහල් හිඟයක් ඇති නොවන බවට ඇමති රිෂාඩ්ගෙන් සහතිකයක්

Mohamed Dilsad

Leave a Comment