ප්‍රමුඛ පුවත 1

නිදැල්ලේ යන ගවයින් අල්ලා ගාල් කිරීමට රජය සුදානම්

(උදයම්,කොළඹ) – නිදැල්ලේ යන ගවයින් අල්ලා ගාල් කිරීමට පියවර ගෙන ඇති බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය පවසයි.ඊයේ දිනයේ සිට මෙම වැඩ පිළිවෙල ආරම්භ කර තිබේ.

අමාතංශය මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර ඇති අතර එහි මෙලෙස සඳහන් කර තිබේ.

“ගවයින් යනු සම්පතකි. මෙම ගව සම්පත ජනතාවට හා සංවර්ධනයට ගැටළුකාරී තත්ත්වයක් බවට පත් වී ඇත්තේ එම සතුන් නිදැල්ලේ හැරීම තුළ ය. දිනෙන් දින වැඩිවන ජනගහණය කර්මාන්ත අංශයේ හා ඉදිකිරීම් කාර්මාන්තයේ වර්ධනයත් සමග භූමි භාගයන් සීමා විය. මේ හේතුවෙන් මේ ගවයින් හට ආහාර සපයා ගැනීමට දුෂ්කර වීම හේතුවෙන් ගව හිමියන් සතුන් නිදැල්ලේ හැරීමට කටයුතු කර තිබේ.

බස්නාහිර පළාත තුළ මෙම ගැටළුව වැඩි වශයෙන් දක්නට ලැබේ. මේ හේතුවෙන් පැන නැඟී ඇති ගැටළු අතර මහජනතාවට හිරිහැර සිදුවීම, රියඅනතුරු, ව්‍යාපාරික ප‍්‍රජාවට හිරිහැර සිදුවීම, රිය අනතුරු, මාර්ග තදබදය ආදිය වේ.

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය ක්‍රියාත්මක කරනු ලබන බස්නාහිර පළාත් මහනගර සංවර්ධන සැලැස්ම අනුව පවතින සංවර්ධන බාධක විමර්ශනය කිරීමේදී මෙම ගැටළුව හඳුනාගෙන ඇත. මේ පිළිබඳව දිනපතා ජනතා පැමිණිලි රැසක් ඉදිරිපත් වේ. මේ පිළිබඳ විශේෂ අවධානය යොමුකළ මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය, නාගරික සංවර්ධන අධිකාරිය හා එක්ව නිදැල්ලේ හැසිරෙන ගවයින් අල්ලා ගාල් කර ගැනීමට පියවර ගන්නා ලෙස අදාල ආයතන දැනුවත්කර ඇත.

එය 2017.03.13 වන දා සිට ක්‍රියාත්මක වේ. මෙම නිවේදනයට ප‍්‍රතිචාර නොදක්වන ගවහිමියන්ගේ ගවයින් අල්ලා මේ මස 13 වෙනිදා සිට ආරක්‍ෂිතව ගාල් කර තැබීමට බස්නාහිර පළාතේ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල, පළාත් පාලන ආයතන මගින් පියවර ගෙන ඇත.”

Related posts

අග්‍රමාත්‍යවරයාට සුබ පැතීමට විශේෂ පාර්ලිමේන්තු සැසියක්

Mohamed Dilsad

ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස නම් කෙරේ

Mohamed Dilsad

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 19කට මරණ දඬුවම

Mohamed Dilsad

Leave a Comment