ප්‍රමුඛ පුවත 1

තිස්ස අත්තනායක මහතාට විදෙස් ගතවීමට අවසර

(උදයම්,කොළඹ)   –  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතාට විදෙස් ගතවීම වළක්වාලමින් පනවා තිබු නියෝගය තාවකාලිකව අත්හිටුවීමට කොළඹ මහාධිකරණය තීරණය කරයි.

ඒ අනුව මෙම මස 23 වන දින සිට ලබන මස 12 වන දින දක්වා කාලය තුළ ඔහුට විදෙස් ගත විමට අවසර ලබාදීමට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම්කළුආරච්චි මහතා නියෝග කර තිබේ.

ඔස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය ලබන තම දියණිය බැලීම සඳහා යාමට අවසර ලබාදෙන ලෙසට අධිකරණයෙන් සිදුකළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරුවරයා මෙම නියෝගය ලබා දී ඇත.

ඒ අනුව තිස්ස අත්තනායක මහතාට විදේශ ගත වීම වළක්වාලමින් සහ අධිකරණය විසින් පනවා ඇති තහනම් නියෝගය එම කාලය තුළ තාවකාලිකව ඉවත් කළ බව ආගමන විගමන පාලකවරයාට දැනුම්දෙන ලෙස ද කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා මහාධිකරණ රෙජිස්ටාර්වරියට දැනුම් දී තිබේ.

Related posts

අමාත්‍යධුරය සම්බන්ධයෙන් ගම්මන්පිලගෙන් විශේෂ ලිපියක්

Mohamed Dilsad

එකාබද්ධ වර්ජනය දා සේවයට නොපැමිණි ගුරුවරු ගැන තොරතුරු සොයයි

Mohamed Dilsad

නාමල් කුමාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙයි.

Mohamed Dilsad

Leave a Comment