ප්‍රමුඛ පුවත 1

එකාබද්ධ වර්ජනය දා සේවයට නොපැමිණි ගුරුවරු ගැන තොරතුරු සොයයි

(උදයම,කොළඹ)  –  සයිටම් ආයතනයට එරෙහිව පවතී වැඩවර්ජනයට සමගාමීව පසුගිය පස් වැනි දා ගුරු විදුහල්පති ඒකාබද්ධ වැඩ වර්ජනය පැවැති අතර එහිදී  සේවයට වාර්තා නොකළ ගුරුවරුන් ගැන සොයා බැලීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ.

අධ්‍යාපන අමාත්‍යංශ ආරංචි මාර්ග පවසන්නේ වැඩ වර්ජනය දා ගුරුවරුන්ගේ පැමිණීම සතුටුදායක මට්ටමක නොතිබු ජාතික පාසල් රැසක විදුහල්පතිවරුන්ගෙන් කරුණු විමසා අමාත්‍යංශයෙන් ලිපි යවා ඇති බවය.

අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය නොපැමිණීමෙන් එදින පාසලේ අධ්‍යාපන කටයුතුවලට බාධා වූ බවට දෙමාපියන් තමන්ට පැමිණිලි කර ඇති බව ජාතික පාසල් අධ්‍යාපන අධ්‍යක්ෂ ජයන්ත වික්‍රමනායක මහතාගේ අත්සනින් යොමු කර ඇති එම ලිපියේ සඳහන් කර ඇත.

එදින ගුරුවරුන් සේවයට නොපැමිණීමට හේතු සෙවීම සඳහා මෙලෙස ලිපියක් යොමු කර ඇති අතර මේ වන විට ඒ පිළිබඳව තොරතුරු ලැබෙමින් පවතින බවද වාර්තාවේ.

Related posts

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු සාකච්ඡා කල් යයි.

Mohamed Dilsad

එක්දින වෛද්‍ය වැඩ වර්ජනයක්

Mohamed Dilsad

නීති විරෝධී ධීවර පන්න ක්‍රම තහනම් කෙරෙන ධීවර පනත අද පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

Leave a Comment