ප්‍රමුඛ පුවත 1

නීති විරෝධී ධීවර පන්න ක්‍රම තහනම් කෙරෙන ධීවර පනත අද පාර්ලිමේන්තුවට

(උදයම්,කොළඹ)  –  සාගර සම්පත් විනාශ කරමින් ඇතැම් ධීවරයින් විසින් සිදු කරන විනාශය නතර කිරීම සඳහා බොටම් ට්‍රෝලින් ඇතුළු නීති විරෝධී ධීවර පන්න ක්‍රම තහනම් කිරීම මෙන්ම ඒ සම්බන්ධව ගන්නා නීතිමය ප්‍රතිපාදන තවඳුරටත් ශක්තිමත් කෙරෙන ධීවර පනත අද (06) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය හා මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා පියවර ගෙන  තිබේ.
මෙම පනත අනුව මෙරට මුහුදු සීමාවට ඇතුල්වී නිතිවිරෝධී ලෙස ධීවර කර්මාන්තයේ යෙදෙන විදේශ ධීවර යාත්‍රා, ධීවර උපකරණ ධීවරයින් අත් අඩංගුවට ගන්නා අතර, ඊට එරෙහිව පනවන දඩ මුදල දැනට තිබෙන දඩ මුදලට වඩා කිහිප ගුණයකින් වැඩි කිරීමට ද පියවර ගෙන ඇත.
එමෙන්ම නීති විරෝධි පන්න ක්‍රමවල යෙදෙන දේශීය ධීවරයින් සඳහා වන දඩ මුදල රු. 50,000 සිට රු. ලක්ෂ 05 දක්වා ඉහළ දමනු ලැබ තිබේ.
මේ වනවිට අපේ රටේ ධීවරයෝ නීතිවිරෝධී පන්න ක්‍රම රැසක් මෙන්ම ඉතාමත් දරුණු සී 4 (C4) වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය මෙන්ම ඩයිනමයිට්, ටී එන්. ටී , TNT  වැනි පුපුරණ ද්‍රව්‍ය ද යොදා ගනිමින් මසුන් මැරීමෙහි යෙදෙති. මෙවැනි ධීවර පන්න ක්‍රම නිසා අපේ මත්ස්‍ය සම්පත් විනාශ ‍වෙනවා මෙන්ම මුහුදු පතුලේ ඇති කොරල් පර, ගල් පර, මත්ස්‍ය අභිජනන ස්ථාන බහුල වශයෙන් විනාශ වන බව පෙනී ගොස් තිබේ.
එමනිසා මත්ස්‍ය සම්පත මෙන්ම මුහුදු පතුළේ ඇති සියලු ධීවර සම්පත් අනාගත පරපුරට සුරක්ෂිත කර දීමේ අරමුනින් මෙම පනත ඉදිරිපත් කරන බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය හා මහවැලි රාජ්‍ය  අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Related posts

2012 වසරේ වැලිකඩ බන්ධනාගාර වෙඩි තැබීමේ සිද්ධියෙන් මියගිය සහ තුවාල ලැබූවන්ට වන්දි

Mohamed Dilsad

ආර්ථීකය ගොඩනගන්න එන්න ජනපතිගෙන් ඇරයුමක්

Mohamed Dilsad

බිළිඳිය සමඟ කතක් දුම්රියට පනී

Mohamed Dilsad

Leave a Comment