ප්‍රමුඛ පුවත 1

උමා ඔය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ජනපති අගමැති සාකච්ඡාවක

(උදයම්,කොළඹ)  –  මේ වන විට රට තුළ මහත් මතභේදයකට තුඩු දී තිබෙන උමා ඔය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.

ඒ අනුව උමා ඔය ව්‍යාපෘතියේ වත්මන් තත්ත්වය සොයා බැලීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට ජනාධිපති සහ අගමැති තීරණය කර ඇති බවයි වාර්තාවේ.

මේ අතර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සොයා බැලීමට පසුගියදා  කැබිනට් අනු කමිටුවක් ද පත් කෙරුණි.

ඒ පිළිබඳව සොයා බැලීමට පසුගියදා එම ප්‍රදේශයට ගිය නියෝජිතයින්ට ජනතාවගෙන් දැඩි විරෝධයක් එල්ල වුණේ ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලමිනි.

Related posts

ශ්‍රීලනිප නායකත්වයේ වෙනස විය යුතුයි – කඩුවෙල සංවිධායක කියයි

Mohamed Dilsad

කෝටියක කොකේන් සමඟ ඉන්දීය ජාතියෙකු අත්අඩංගුවට.

Mohamed Dilsad

ගෝඨාභය රාජපක්ෂට එරෙහි තහනම 28 වන දා කල් යයි

Mohamed Dilsad

Leave a Comment