ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු සාකච්ඡා කල් යයි.

(UTV| කොළඹ) – නව දේශපාලන සන්ධානයක් සඳහා වු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර හෙට (29) පැවැත්විමට නියමීතව තිබු සාකච්ඡා වටය ලබන 07 වැනිදා දක්වා කල් දමා ඇති බව එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

ශ්‍රීලනිපයේ ඉල්ලිම මත මෙසේ දිනය වෙනස් කර ඇති බවත් පැවසේ.

ඒ අනුව ලබන 07 වැනිදා කොළඹ 07 ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදි මෙම සාකච්ඡාව පැවැත්වෙනු ඇති බව කියැවේ.

මෙම සාකච්ඡා සඳහා ශ්‍රීලනිපය නියෝජනය කරමීන් එහ මහලේකම් දයාසිරි ජයසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල හා හිටපු මහ ලේකම් රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සහභාගි වනු ඇති බව සඳහන්.

පොදුජන පෙරමුණ නියෝජනය කරමීන් එහි සභාපති ජී.එල් පීරිස්, පාර්ලිමේන්තු ඩලස් අලහප්පපෙරුම හා ආචර්ය ජගත් වැල්ලවත්ත මහතා සහභාගි වනු ඇති බවත් පැවසේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සජින් වාස්ගේ විදෙස් ගමන් තහනම ඉවතට

Mohamed Dilsad

2020 කැලැන්ඩර්, දිනපොත් වල අඩුවක්

Mohamed Dilsad

ජනපති හා කථානායක අතර හමුවක් අද (15) පෙරවරුවේ…

Mohamed Dilsad

Leave a Comment