ප්‍රමුඛ පුවත 1

විදුලිය සඳහාත් මිල සූත්‍රයක්‌

(UTV| කොළඹ) – විදුලිය සඳහා ද මිල සූත්‍රයක්‌ හඳුන්වා දීමට රජය කටයුතු කරමින් සිටින බව ලංකා විදුලි සේවක සංගමය පවසයි.

මේ සම්බන්ධයෙන් විදුලිබල මණ්‌ඩලයේ ප්‍රධානීන් සහ විදුලිබල අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් සාකච්ඡා කරමින් පවතින බවට තමාට තොරතුරු ලැබී ඇතැයි ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.

විදුලිබල මණ්‌ඩලය පාඩු ලබන බවට ප්‍රකාශ කරමින් හඳුන්වා දීමට යන මිල සූත්‍රයේදී විදුලි ඒකක 30 හෝ 60 දක්‌වා සහන ලබාදී ඉන් එහාට විදුලි ඒකක පාවිච්චි කරන පිරිස්‌ වෙත මෙම මිල සූත්‍රය හඳුන්වා දීමට නියමිත බවත් එහිදී විදුලි බිලේ වැඩිවීමක්‌ සිදුවිය හැකි බවත් ඒ මහතා කීය.

එමෙන්ම මේ වන විට නිවෙස්‌ සඳහා ඩිජිටල් විදුලි මීටර් ගෙන්වීමට සැලසුමක්‌ පවතින බවත් එම මීටර් සවිකිරීමෙන් පසු මනු කියවන්නන් පාරිභෝගිකයන් වෙත නොයා පරිගණකයක්‌ ආශ්‍රයෙන් එක්‌ එක්‌ පුද්ගලයා හෝ ආයතනයක්‌ භාවිත කරන විදුලි ඒකක ගණනය කර ඒ සඳහා විදුලි බිල තැපැල් මාර්ගයෙන් එවීමට සැලසුම් කර තිබෙන බවත් රංජන් මහතා වැඩි දුරටත් පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනපති අම්පාර හා මඩකලපුව ප‍්‍රදේශයේ ජනහමු රැසකට එක්වෙයි – ජනතාවගෙන් ජනපතිට ඉහළ ප‍්‍රතිචාරයක්

Mohamed Dilsad

හිටපු ඇමති TB, FCID යට

Mohamed Dilsad

සජිත් ප්‍රේමදාස ඇතුළු 99 කගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment