විදෙස්

බැග්ඩෑඞ් අගනුවර මුරපලක් අසල බෝම්බ පිපිරීමක්.17 කු මරුට

(උදයම්,ඉරාකය)  – ඉරාකයේ බැග්ඩෑඞ් අගනුවර මුරපලක් අසල සිදු වු බෝම්බ පිපිරීමකින් 17 දෙනෙක් ජීවිතක්ෂයට පත්වෙති.
60කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බව වාර්තාවේ.
මුරපල අසල රථවාහන පරික්ෂා කරමින් සිටියදි ඒ අතර තිබු ට්‍රක් රථයක මෙම බෝම්බය පිපිරි ගොස් ඇත.
මෙම ප්‍රහාරයේ වගකීම කිසිවෙකුත් භාරගෙන නොමැත.
කෙසේවෙතත් IS කැරළිකරුවන් විසින් මෙම බෝම්බ ප්‍රහාරය සිදු කර ඇති බවට එරට ආරක්ෂක අංශ සැක පළ කරයි.

Related posts

ඉන්දුනීසියානු සුනාමියේ මරණ සංඛ්‍යාව 400 ඉක්මවයි

Mohamed Dilsad

ජයලලිතාගේ ඥාති දියණියක වන දීපා නව පක්ෂයක් පිහිටුවයි

Mohamed Dilsad

WhatsApp පණිවුඩ සීමා කෙරේ

Mohamed Dilsad

Leave a Comment