විදෙස්

ඉන්දුනීසියානු සුනාමියේ මරණ සංඛ්‍යාව 400 ඉක්මවයි

මධ්‍යම ඉන්දුනීසියානු සුලවේසි දිවයිනේ පාලූ නගරය සිසාරා පැතිරුණු සුනාමි රළ පහරින් මියගිය සංඛ්‍යාව 400 ඉක්මවා ඇති බව වාර්තාවේ.

සිය ගණනක් තුවාල ලබා රෝහල් ගතකර ඇති අතර, මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව එරට බලධාරීන් ප්‍රකාශ කරයි.

රික්ටර් පරිමාණයේ 7.5 ක භූ කම්පනයෙන් පසු හටගත් අඩි 10 ක් තරම් උස වූ සුනාමි රළ පහර පාලූ නගරය තුළට කඩාවැදුනේ එහි මුස්ලිම් දේවස්ථානයක් ඇතු ගොඩනැගිලි රැසකට හානි සිදුකරමිනි.

රෝහල්, හෝටල්, සාප්පු සංකීර්ණ සහ නිවාස දහස් ගණනකට සුනාමියෙන් හානි සිදුව ඇත.

මෙහිදී සිදුවූ දේපල හානිය පිලිබඳ මෙතක් තක්සේරු කර නොමැත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉන්දියාව 74 වන ජාතික නිදහස් දිනය සමරයි

Mohamed Dilsad

උතුරු කොරියාවේ ජනතාවට සිනහව තහනම් වෙයි

Mohamed Dilsad

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඇමරිකාවට අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

Leave a Comment