විදෙස්

ලොවම සෙවූ ටයිටන් ට සිදුවූ දේ තහවුරු වෙයි

ටයිටන් සබ්මැරීනය තුළ ගමන් කළ පුද්ගලයින් පස්දෙනා මියගොස් ඇති බව අමෙරිකානු වෙරළාරක්ෂක බළධාරීන් තහවුරු කර තිබේ.

 

ටයිටැනික් කෞකාවේ සුන්බුන්වලට අඩි 1500ක් පමණ ආසන්නයේ තිබී සබ්මැරීනයේ කොටස් 5ක් සොයා ගත් බව එම දෙපාර්තමේන්තුවේ රියර් අද්මිරාල් ජෝන් මෝගර් ප්‍රකාශ කර තිබේ.

 

අදාළ යාත්‍රාව පිපිරීමකට ලක්වී ඇති බවට ඔහු සඳහන් කර ඇත.

 

ගිලී ගිය ටයිටැනික් නෞකාවේ සුන්බුන් නීරීක්ෂණය සඳහා අදාළ සබ්මැරීනය පසුගිය ඉරිදා අත්ලාන්තික් සාගරය වෙත පිටත්වී ගොස් තිබුණි.

 

පැය එකහමාරකට පමණ පසු සබ්මැරීනය සමග පැවති සබඳතා බිඳ වැටුණු බව එම ගමන සංවිධානය කළ ඕෂන් ගේට් සමාගම පැවසීය.

 

අදාළ යාත්‍රාවේ පුද්ගලයින් 5 දෙනෙකු ගමන් කර තිබුණි.

Related posts

ප්‍රංශයේ එන්නත්කරණ වැඩසටහන තවත් පුළුල් කරයි

Mohamed Dilsad

ගාසා තීරයේ ගැටුම්වලින් දරුවන් 61 දෙනෙක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

දිල්ලි නුවර යළිත් අධික මීදුම

Mohamed Dilsad

Leave a Comment