ප්‍රමුඛ පුවත 1

කුවේට්හිදී හිරිහැරවලට මුහුණ දුන් ශ්‍රී ලාංකික කාන්තාවන් 30 ක් දිවයිනට

(UTV | කොළඹ) – කුවේටයේදී විවිධ තාඩන පීඩනවලට ලක්ව එරට පොලිස් රැඳවුම්භාරයේ සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 30 දෙනෙකු අද (21) අලුයම යළි දිවයිනට පැමිණ තිබේ.

මේ අයගෙන් වැඩි පිරිසක් කුවේට්හි නේවාසිකාගාරවල රැඳී සිටිමින් විවිධ ආයතනවල රැකියා කරමින් සිටි අය වන අතර , ඔවුන් එහිදී විවිධ තාඩන පීඩනවලට ලක්ව ඇති බවත් සදහන්.

එරට සංවිධානාත්මක පිරිසක් පැමිණ ඔවුන්ගේ මිල මුදල් සහ භාණ්ඩත් රැගෙන ගොස් ඇති බව වාර්තා වෙයි.

පසුව මෙම පිරිස ශ්‍රී ලංකාවට එවා ඇත්තේ කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මැදිහත්වීමෙන්.

Related posts

සතොස,අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ආයතනය සමඟ ගිවිසුමකට එළඹෙයි

Mohamed Dilsad

ත්‍රිවිධ හමුදාව හැරගිය සාමාජිකයින්ට අද සිට පොදු සමා කාලයක්

Mohamed Dilsad

ශ්‍රීලනිප මධ්‍යම කාරකසභා රැස්වීම කල් යයි

Mohamed Dilsad

Leave a Comment