ප්‍රමුඛ පුවත 1

ශ්‍රීලනිප මධ්‍යම කාරකසභා රැස්වීම කල් යයි

(UTV| කොළඹ)  – අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීම කල් දමා තිබේ.

පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ පෞද්ගලික ලේකම්වරයා UTV වෙත පැවසුවේ මධ්‍යම කාරක සභාව රැස්වන දිනයක් මෙතෙක් පවසා නොමැති බවයි.

අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව පෙරේදා(09) ප්‍රථම වරට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වුණි.

එම රැස්වීමේදී විශ්වාසභංගයට පක්ෂව ඡන්දය භාවිත කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන් 16 දෙනා අමාත්‍ය ධූරවලින් ඉවත් වීමට මධ්‍යම කාරක සභාවේ අනුමැතිය ඉල්ලා තිබේ.

මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට අද(11) මධ්‍යම කාරක සභාව රැස්වීමට නියමිතව තිබුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

යශෝධ රංගේබණ්ඩාර යළි රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

චීනය Gaungxi නිෂ්පාදන ප්‍රදර්ශනය ඇමති රිෂාඩ් අතින් විවෘත කෙරේ

Mohamed Dilsad

නිදහස් පක්ෂයේ අනාගතය පිලිබඳ සිතා බුද්ධිමත් තීරණයක් ගත යුතුයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment