ප්‍රමුඛ පුවත 1

සතොස,අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ආයතනය සමඟ ගිවිසුමකට එළඹෙයි

(UTV| කොළඹ)  – කර්මාන්ත හා වාණිජ අමාත්‍යාංශය යටතේ ඇති සතොස සමාගම අද (24) අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ආයතනය අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතා සමඟ වැදගත් ගිවිසුමක් අත්සන් කර තිබේ.

“2005 වසරේ සිට මේ දක්වා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය, අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ආයතනය(USAID) සමඟ විවිධ වැඩසටහන් සිදුකරයි.

කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසුවේ” අපි ලංකා සතොස සංවර්ධනය සහ එය තරඟකාරී කිරීමට බොහෝ වැඩසටහන් ආරම්භ කර තිබෙනවා. අපේ තරුණ පිරිස් ගොඩක් පුහුණු කිරීමටත්,දිගුකාලීන වෘත්තීය අභිවෘද්ධිය ලබාදීමත් මෙම වැඩසටහන් වල අරමුණයි.

මේ වනවිට ලංකා සතොස සීග්‍රයෙන් ව්‍යාප්ත වන අතර ඊට ග්‍රාමීය ප්‍රදේශවල ජනයා පුහුණු කිරීම අවශ්‍යයි. එබැවින් ලංකා සතොස සේවකයින්ගේ නිපුණතා පුහුණු වැඩසටහනක් අපි සුදානම් කර තිබෙනවා.ලංකා සතොස, සිය අලෙවිසැල් ජාලය 400 දක්වා වර්ධනය කර තිබේ.

මෙම අවස්ථාවට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශයේ උසස් නිලධාරීන් සහ USAID ආයතනයේ ඉහළ නිලධාරීන්  සහභාගි වූහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සේවය හැර ගිය හමුදා සෙබළුන්ට ලබාදුන් පොදු සමා කාලය හෙටින් අවසන්

Mohamed Dilsad

ජනාධිපතිවරයාගේ පළවන පුවත් අසත්‍යයි [VIDEO]

Mohamed Dilsad

ඇඳිරි නීතිය පිළිබඳව නිකුත් කළ නවතම නිවේදනය [PRESS RELEASE]

Mohamed Dilsad

Leave a Comment