ප්‍රමුඛ පුවත 1

දිවයිනට බලපෑ සුළගේ අඩුවීමක්

 

(UTV | කොළඹ) – මේ දිනවල දිවයින හරහා පවතින තද සුලං තත්ත්වයේ තරමක අඩු වීමක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

සබරගමුව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇති වන බවත් , වයඹ, බස්නාහිර සහ දකුණු පළාත්වලත් වැසි වාර කිහිපයක් ඇතිවන බවත් එම නිවේදනයේ සදහන්. ‍

එසේම, බස්නාහිර, දකුණු, මධ්‍යම, සබරගමුව, වයඹ සහ උතුරු – මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (40-50) පමණ දක්වා වන තද සුළං ඇති විය හැක.

මධ්‍යම සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 50 ක පමණ තරමක තද වර්ෂාපතනයන් ඇති විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරයි.

Related posts

මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයන් තවදුරටත් ඉහළට

Mohamed Dilsad

ආගමික සංහිඳියා මණ්ඩලයක් පත් කෙරේ

Mohamed Dilsad

ඇතැම් පිරිස් ජාතිවාදය අවුස්සා දේශපාලන වාසි ලබාගැනීමේ උත්සාහයක

Mohamed Dilsad

Leave a Comment