ප්‍රමුඛ පුවත 1

අත්අඩංගුවට ගත් සහරාන්ගේ සමීපතමයින් දෙදෙනා රිමාන්ඩ්

තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් සමඟ සමීප සබදතා පැවැත්වීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් මුස්ලිම් විද්‍යාල දෙකක විදුහල්පතිවරයා සහ වැඩබලන විදුහල්පතිවරයා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

සැකකරුවන් අද කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කීරීමෙන් අනතුරුව ලබන 28 වනදින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළ බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

හෙරොව්පතාන, වීරචෝලේ පත්තෑව ප්‍රදේශයේ පසුගියදා සිදුකළ වැටලීමකදී පොලිස් විශේෂ කාර්ය බලකාය නිළධාරින් විසින් මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබුණි.

ඔවුන් දෙදෙනා හට තවුහිද් ජමාත් සංවිධානයේ ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් මනා දැනුමක් ඇති බවට සිදුකළ මුලික විමර්ශන වලින් අනාවරණය වී තිබේ.

‍සහරාන් හෂීම් සහ මොහොමඩ් ඊබ්‍රහිම් අන්සාර් යන පුද්ගලයින් දෙදෙනා විසින් අදාල ප්‍රදේශයේ තවුහිද් ජමාත් පල්ලි ගොඩනගා සැකකරුවන් දෙදෙනාට භාර දී ඇති බවද විමර්ශන වලින් අනවරණය වී තිබුණි.

 

Related posts

සහරාන් සමඟ සමීප සබඳතා තිබු සැකකරුවන් 2ක් අත්අඩංගුවට.

Mohamed Dilsad

සීෂෙල්ස් රාජ්‍ය සමඟ ගිවිසුම් දෙකක්

Mohamed Dilsad

ඩුබායි රටින් පිටුවහල් කංජිපානි ඉම්රාන් මෙටරදී අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment