ප්‍රමුඛ පුවත 1

ධීවරයින්ට ටැබ් පරිගණක ලබා දීමට මිලියන 149ක්

(උදයම්,කොළඹ) – මෙරට ධීවරයන්ට ටැබ් පරිගණක ලබාදීමට පියවර ගන්නා බව ධීවර අමාත්‍යාංශය පවසයි.ඒ සඳහා රුපියල් මිලියන 149ක මුදලක්  වෙන් කර ඇති බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසයි.ඒ ජාත්‍යන්තර මුහුදේ දී අල්ලාගන්නා මසුන් පිළිබඳව නිවැරදි දත්ත සටහන් කරගැනීමටය.
ඒ සඳහා අවශ්‍ය පුහුණුවද ඔවුන්ට ලබා දීමට නියමිතවය.
ජාත්‍යන්තර මුහුදේ මසුන් ඇල්ලීමේදී නිශ්චිත සටහන් යෙදීම සඳහා ධීවරයන්ට ටැබ් පරිගණක ලබාදීමට කටයුතු කරන බවයි.ශ්‍රී ලංකාවට එරෙහිව යුරෝපා සංගමය විසින් මත්ස්‍ය තහනමක් පැනවීමට මූලික කරුණක් වූයේද ජාත්‍යන්තර මුහුදේදී අල්ලාගන්නා මසුන් පිළිබඳ නිවැරදි දත්ත සටහන් නොකිරීමයි.

Related posts

අපරාධ රැසකට සම්බන්ධ ‘ඩීලා’ අත්අඩංගුවට

Mohamed Dilsad

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යතා තත්ත්වයට

Mohamed Dilsad

ජපාන ඉහළ පෙළේ ආයෝජකයන් පිරිසක් සහ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා අතර හමුවක්

Mohamed Dilsad

Leave a Comment